May 4, 2024

ශ්‍රී ලංකාවේ ජනගහණය එ144,000කින් පමණ පහළගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ අනාවරණය කර ඇත.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු ‘ලංකාදීපයට’ අදහස දක්වමින් පවසා ඇත.

ඒ අනුව, ජනගහණය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

42.31%
17.27%
32.76%