October 17, 2024

ලොව පුරා ජනප්‍රිය One Direction පොප් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු වන ලියම් පේන් (Liam Payne) හදිසි අනතුරකින් මියගොස් ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 31 කි.

ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර පොලිසියට අනුව Liam Payne, සුපිරි පන්තියේ Casa Sur හෝටලයේ තුන්වැනි මහලෙන් ඇදවැටී ඇත.

අනතුරින් ඔහුට බරපතල තුවාල සිදුවී ඇති අතර, එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

විදෙස් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, බුවනෝස් අයර්ස් නගර සභාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක පැබ්ලෝ පොලිසිචියෝ පවසා ඇත්තේ, මත්ද්‍රව්‍යවලට හෝ මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු පිළිබඳව සඳහන් කරමින් පොලිසිය හෝටලයට කැඳවා ඇති බවයි.

ඇතැමුන් පවසන්නේ, පේන් ඔහුගේ කාමරයේ සඳලුතලයෙන් විසිවී ඇදවැටුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ක්ෂණිකව පැහැදිලි නොවූ අතර, බලධාරීන් තවමත් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

42.31%
17.27%
32.76%