
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනගහණයෙන් 2,281 දෙනකු හිසට වහළක් නොමැතිව එළිමහනේ ජීවත්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් 2024 වසරට අදාළව සිදුකළ ජන හා නිවාස සංගණනයෙන් අනාවරණය වී තිබේ.
එම පිරිසෙන් 841ක් වන බහුතර පිරිසක් ජීවත් වන්නේ බස්නාහිර පළාතේය.
ඒ අතරින් 536 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයේද, 229 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයේද, 76 දෙනකු කළුතර දිස්ත්‍රික්කයේද ජීවත්වන බව අනාවරණ වී තිබේ.
බස්නාහිර පළාත තුළ හිසට වහළක් නැතිව එළිමහනේ ජීවත්වන ජනසංඛ්‍යාව සමස්ත හිසට සෙවනක් නැති පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි.
දකුණු පළාතේ ජනගහනයෙන් 307 දෙනෙකු එළිමහනේ ජීවත්වන වන අතර, එහි ප්‍රතිශතය 12%කි.
එම පිරිසෙන් 139 දෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වන අතර, 133 දෙනෙක් මාතර දිස්ත්‍රික්කයේ ද තවත් 35 දෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ජීවත්වෙති.
වයඹ පළාත තුළ නිවසක් නොමැතිව එළිමහනේ ජීවත්වන පිරිස 248කි.
ඒ අතරින් 135 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන අතර තවත් 113 දෙනෙක් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වේ.
හිසට සෙවණක් නොමැතිව සබරගමුව පළාත තුළ 217 දෙනෙක් ජිවතවන අතර ඉන් 160 දෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ ද, 57 දෙනෙක් කෑගල්ල දිස්ත්‍රිකයේද ජීවතවෙති.
උතුරුමැද පළාතේ එළිමහනේ ජීවත්වන පිරිස 207 දෙනෙකි.
ඉන් 180ක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ද, 27 දෙනෙකු පොළොන්නරුව දිස්ත්‍රික්කයට ද අයත් වේ.
මධ්‍යම පළාතේ එළිමහනේ ජීවත්වන පිරිස 173කි.
ඉන් 139 දෙනෙක් මහනුවර ද, 21 දෙනෙක් මාතලේද, 13 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ජීවත් වෙති.
ඌව පළාතේ 125 දෙනෙකු එළිමහනේ ජීවත් වන අතර ඉන් 72 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ.
තවත් 53 දෙනෙකු මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙති.
උතුරු පළාතේ එළිමහනේ ජීවත්වන සංඛ්‍යාව 90 කි.
ඉන් 52ක් යාපනයේද, 04ක් මන්නාරමද 32ක් වව්නියාව ද මුලතිව් දිස්ත්‍රික්කයේ දෙදෙනෙක්ද වශයෙන් වේ.
එළිමහනේ ජීවත්වෙන කිසිදු පුරවැසියෙක් වාර්තාවී නැති මෙරට එකම දිස්ත්‍රික්කය කිලිනොච්චියයි.
එමෙන්ම එළිමහනේ ජීවත් වන පුරවැසියන්ගෙන් සියයට 5.3%ක් වූ අඩුම ප්‍රතිශතයක් වාර්තාවන්නේ උතුරු පළාතෙනි.
නැගෙනහිර පළාතේ වෙසෙන 73 දෙනෙකු ජීවත්වන්නේ එළිමහනේ බව ද අනාවරණ වී තිබේ.
ඉන් 29 දෙනෙකු මඩකලපුවේ ද 20 දෙනෙකු අම්පාර ද 24 දෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද ජීවත් වන බව සංගණන වාර්තාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart