Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම රදගුරු ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු රදගුරු පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු මන්නාරම නව රදගුරුවරයා ලෙස ඥානප්‍රගාසම් අන්තෝනිපිල්ලෙ පියතුමන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිල වශයෙන් පත් කර තිබේ.
මන්නාරම රදගුරු පදවියේ කැපවීමෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලෙයි පියතුමා 1994 අප්‍රේල් 07 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූ දා සිට විවිධ කාර්යභාරයන් ඉටු කර ඇත.
1965 ජූලි 12 වැනි දින මන්නාරම රදගුරු පදවියට අයත් අඩම්පන්හි උපත ලද ඔහු යාපනයේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මේජර් සෙමනේරියේ දර්ශනවාදය සහ දේවධර්මය පිළිබඳ සිය අධ්‍යාපනය හැදෑරීය.
අන්තෝනිපිල්ලෙයි පියතුමා සිය පූජක දේවසේවය පුරා මුරුන්කන් හි දෙවැනි පූජක (1994-1996), රදගුරුතුමාගේ ලේකම් (1996-1999), චෙඩ්ඩිකුලම් හි පූජක (1999-2003), පල්ලිමුනෙයිහි පූජක (1999-2003),වන්කලෙයිහි පූජක (2006-2009), රදගුරු පදවියේ සුළු සෙමනේරියේ අද්‍යක්ෂ (2014-2018) සහ ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේ පූජක (2018-2021) සහ පේසාලේ පූජක(2021-2023) ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත.
ඔහුගේ දේවගැති භූමිකාවට අමතරව, ඔහු නිව් යෝර්ක් හි ෆෝඩ්හැම් විශ්ව විද්‍යාලයෙන් (2010-2014) ආගමික අධ්‍යාපනය පිළිබඳ බලපත්‍රයක් ලබා ගත් අතර 2022 දී ඉන්දියාවේ තරුණ එඬේර රැකවරණය පිළිබඳ මාලාවකට සහභාගී විය.
2023 වසරේ සිට මන්නාරම මඩු අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානයේ පරිපාලකවරයා ලෙස ද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart