Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවති රුක් රෝපණ උත්සවයකදී, එම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස පැමිණි පුද්ගලයකු රැගෙන ඒම සඳහා යොදාගත් පෞද්ගලික හෙලිකොප්ටරයක ආරක්ෂාවට යොදවා සිටියදී, පැළ සිටුවීමේ කටයුත්තකට සහභාගීවීම හේතුවෙන්, රාජාංගනය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ආරංචි මාර්ග පවසයි.
ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කර තිබූ මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිට ඇත.
රුක් රෝපණ උත්සවය සංවිධානය කළ පුද්ගලයන් විසින් හෙලිකොප්ටරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට වැඩසටහනට සහභාගි වන ලෙස ආරාධනා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හෙලිකොප්ටරය ගොඩබසින ස්ථානයේ සිට මීටර් පනහකටත් වඩා අඩු දුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැල සිටුවා තිබිණි.
ඉතිරි නිලධාරියා හෙලිකොප්ටරය අසල මුරකරමින් එහි ආරක්ෂාව තහවුරු කර ඇත.
රුක් රෝපණ වැඩසටහනේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමඟ, මේ පිළිබඳව අවධානය යොමුකළ උතුරුමැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විසින්, අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට නියෝග කර තිබුණේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා දාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරීන් තිදෙනාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart