Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සඳුදා (2024 දෙසැම්බර් 30) සිදුවූ සයිබර් ප්‍රහාරයකින් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් නාලිකා පිටුවට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ක්‍රිප්ටෝ මුදල් වංචාවල නිරත විදේශීය ජාතිකයන් සිටින බවට සැකකරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
“අපරාධකරුවන් ක්‍රිප්ටෝ -මුදල් වංචා මෙහෙයවන විදේශීය ජාතිකයන් බවට අපි සැකකරනවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග ජනමාධ්‍ය වෙත පවසා ඇත.
“පොලිස් සයිබර් අපරාධ ඒකකය/පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) එක්ව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ඔහු පවසයි.
මේ අතර, යූ ටියුබ් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා සාධක දෙකක සත්‍යාපනයක් මෙන්ම ඉලක්කම් 12 ක මුරපදයක් ද ඇති බව SLCERT පෙන්වාදෙයි. “මුරපද නොසැලකිලිමත් ලෙස ලබා නොදෙන ලෙස අපි නිර්දේශ කරමු,” යැයි SLCERT ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුණුපොල ‘ඩේලි මෝර්නින්’ වෙත පවසා ඇත. “රජයේ වෙබ් අඩවි ඇතුළුව වෙබ් අඩවි සම්බන්ධයෙන් ගත්කල, අනවසරයෙන් ඇතුළුවීමේ අවදානම මඟහරවා ගැනීම සඳහා සාමාන්‍ය ආරක්‍ෂක පරීක්‍ෂාවන් සිදුකරන ලෙස අපි නිර්දේශ කරමු,” ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක්කර එහි දත්ත වෙනස් කිරීම පිළිබඳවැඩ වාර්තා විය.
ඒ අනුව, මේ වන විට SLCERT ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සිද්ධිය විමර්ශනය කරයි.
සිය යූ ටියුබ් නාලිකාවට ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පොලිසිය වාර්තා කළේය.
මීට පෙර 2024 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ද හඳුනානොගත් හැකර්වරයකු විසින් හැක් කර තිබිණි.
අනවසරයෙන් ඇතුළුවීමේ අවදානම අවම කිරීම සඳහා තමන් විසින් ප්‍රකාශ කර ඇති ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස SLCERT වෙබ් අඩවි ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart