56.8%
18.59%
20%
August 20, 2024

 

මාවනැල්ල, රෑනකෙටූගම, කොන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටි, අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා එම නිවෙසට ගිය උපපොලිස් පරීක්ෂකවරයකුට නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයා උසිගන්වා සපාකෑමට සලස්වා එම නිලධාරියා සමග සිටි පොලිස් කොස්තාපල්වරයාගේ අත ද සපා කා, වරෙන්තුකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය සදහන් කරයි.

සුනඛයකු උසිගන්වා සාපරාධී බලහත්කාරය පා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළේ යැයි කියමින් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගිය එම වරෙන්තුකරුගේ අවුරුදු 25 ක් වයස පුතා සහ අවුරුදු විසිතුනක් වයස දියණිය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

සුනඛයා සපාකෑම නිසා තුවාල ලැබූ මාවනැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන උපපොලිස් පරීක්ෂකවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අත සපා කෑම නිසා තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

56.8%
18.59%
20%