Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෛද්‍යවරයකුට තර්ජනය කළ බව කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජන අරගල සන්ධානයේ අපේක්ෂිකාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
අදාළ සිදුවීමේදී එම අපේක්ෂිකාව සහ ඇගේ සැමියාව පොලීසිය විසින් ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බවත්, එසේ තබාගනීමට හේතුව ඇගේ දියණියගේ සැමියාට එරෙහිව පොලීසිය වෙත ලැබී ඇති පැමිණිල්ලක් බවත් අධිකරණයේදී කරුණු හෙළිදරව් වී ඇත.
ඇය සහ ඇගේ සැමියා ඇතුළු පිරිසක් ඊයේ(11) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ, ඇගේ දියණියගේ සැමියා විසින් වෛද්‍යවරයකු බිය ගන්වා රුපියල් මිලියනයක කප්පමක් ලබා ගත්තේයැයි කියන සිදුවීමකට අදාළවය.
මෙම අපේක්ෂිකාව එම සිදුවීමට දායක වූ බවට කරුණු හෙළිදරව් වී නොමැත.
දියණියගේ සැමියා පොලීසියට ගෙන්වාගැනීමට එම අපේක්ෂිකාව සහ සැමියා පොලීසිය විසින් රඳවා තබාගෙන ඇත.
මෙම සිදුවීම සමඟ අපේක්ෂිකාව ඍජු සම්බන්ධයක් නොමැති පසුබිමක ඇය සහ ඇගේ සැමියාව අත්අඩංගුවට ගැනීමත්, ඉන්පසු පැය විසිහතරක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් නොකිරීම මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ කාලසීමාවක අදාළ දේශපාලන පක්ෂයද අපහසුතාවට පත් වන ආකාරයෙන් මෙම සිදුවීම ගැන මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම පිළිබඳවත් සළකා බැලීමට ලක් කර තිබිණි.
ඇගේ ගිණුමකට දියණිය විසින් මුදල් තැන්පත් කිරීමද පොලීසිය අධිකරණයට කරුණු වශයෙන් ඉදිරිපත් කර ඇතත්, එම මුදල් සහ අදාළ සැක සහිත අපරාධ ක්‍රියාව අතර සම්බන්ධයක් ඇති බවට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැත.
මෙම තත්ත්වය සහ පොලීසියේ අයුක්ති සහගත ක්‍රියා කලාපය පිළිබද ජන අරගල සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart