August 5, 2023

අල්ලස් මුදලක් ලබාදෙන තුරු යතුරුපැදිකරුවකුගේ රියදුරු බලපත්‍රය සහ යතුරු පැදියේ බලපත්‍ර සන්තකයේ තබාගත් පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අක්මීමන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු බව පොලිසිය පවසයි.

අදාළ පොලිස් නිලධාරියා බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන්, නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම මුදල ලබාදෙන තුරු දින ගණනාවක් මෙම සැරයන්වරයා විසින් යතුරු පැදියේ සහ එම පුද්ගලයාගේ ලියකියවිලි සන්තකයේ තබාගෙන සිටි බව පොලිසිය අනාවරණය කරයි.