Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාත්‍රී කාලයේ මහමග අතරමං වී සිටි පුද්ගලයකුට උදවු කිරීමට ඉදිරිපත් වූ උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී මුදල් පසුම්බිය, ජංගම දුරකතනය සහ යතුරුපැදිය ද පැහැරගෙන පළාගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයාගේ මුදල් හා යතුරුපැදිය පැහැර ගෙන පළාගිය පුද්ගලයන් දෙදෙනා මඳ වේලාවකින් නැවත පැමිණ යතුරුපැදිය සහ ජංගම දුරකතනය ද මුදල් පසුම්බියේ තිබූ රුපියල් 6,800ක පමණ මුදලක් ලබාගෙන ඉතිරි මුදල් ද නැවත උප පොලිස් පරීක්ෂකවරයාට බාර දී, ඔවුන් සතු යතුරුපැදියේ නැගී පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පහරකෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරි විවේකය වාර්තා කර නිවෙසට ගොස් සිටියදී, සිවිල් ඇඳුමින් සැරැසී ඉකුත් 14 වැනිදා පෞද්ගලික යතුරුපැදියෙන් පුලියන්කුලම ප්‍රදේශයේ පිහිටි ඥාති නිවෙසකට ගොස් රාත්‍රී කාලයේ නිවෙස බලා එමින් සිට ඇත.
මාර්ගය අයිනේ යතුරුපැදියක් නතර කරගෙන සිටි පුද්ගලයකු තමාගේ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වී ඇති නිසා උදව් කරන ලෙස උප පොලිස් පරික්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාත්‍රී කාලයේ කිසිවක් කර කියාගත නොහැකිව මහමග අතරමංව සිටින නාඳුනන පුද්ගලයාට උපකාර කිරිමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් වී ඇත.
එම අවස්ථාවේ උදව් ඉල්ලූ තැනැත්තා තවත් අයකු සමග එක් වී උප පොලිස් පරික්ෂකවරයාට පහරදී, ඔහු සතු දේපොළ පැහැරගෙන ඇත.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා සතු දේපොළ පැහැරගෙන ගොස් ඇත්තේ, ඔහු පොලිස් නිලධාරියකු බව නොදැන බව පොලිසිය පැවැසීය.
මහමග යතුරුපැදිය නතර කරගෙන එය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පවසා ඇත්තේ දේපොළ පැහැර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart