March 27, 2025

දික්වැල්ල පොලිසියේ නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට වෙඩිතබා ඇත.

ලැබුණු තොරතුරකට අනුව මෙම ලොරි රථය හඳුනාගෙන ඇති අතර, නිලධාරීන් එය නවත්වන ලෙස සංඥා කර තිබේ.

එහෙත් නොනවත්වා ධාවනය කර ඇති එම ලොරිය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් ලොරියේ රෝදවලට වෙඩිතබා ඇත.

වෙඩි තැබීමෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර, රථයේ රියදුරු සහ එහි සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු පළාගොස් තිබේ.

ලොරියේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මී ගවයන් 11ක් පොලිස් භාරයට ගෙන ඇත.