
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දාහසය හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයකු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පාසල් සිසුවිය උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග කාලය ගත කර නිවසට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳව එම දැරියගේ මව විසින් දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී එම දැරිය කලහකාරී ලෙස හැසිරී ඇත.
පසුව මව විසින් 119 අමතා ඇති අතර, ජංගම මුර සේවයේ නිරතව සිටි සැකකාර පොලිස් සැරයන්වරයා එම ඇමතුම අනුව එම නිවසට පැමිණ තිබේ.
පසුව නිවස තුළට පැමිණි සැරයන්වරයා කාමරයකට දැරිය කැඳවා සාස්තරයක් පැවසීමට අවශ්‍ය බව පවසමින් දැරියගේ අත ගෙන ස්පර්ශ කරමින් විවිධ අයුරින් එම දැරියට ලිංගික අතවර කළ බව මවුපියන් විසින් සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එම පැමිණිල්ල මත විමර්ශනය කර සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart