September 27, 2024

හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අනුයුක්ත කර සිටි සියලුම පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැදවා ඇති බව පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක පවසන්නේ හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව තවදුරටත් පවතින බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති පසුබිමක මෙම වෙනස්කම් සිදුවේ.

 

42.31%
17.27%
32.76%