Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් ගිරිබාව පොලිස් ස්ථානයේ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබේ.
ගිරිබාව ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ සිදුකර ඇත.
අදාළ පුද්ගලයාව අතහැර ගොස් සිටින බිරිඳට විරුද්ධ වන්දි නඩුවට අදාළව සිතාසිය ක්රියාත්මක කරමින්, ඇයව අධිකරණයට ඉදිරිපත් කර වන්දි මුදල ලබාගැනීමට උපකාර කිරීම සඳහා රුපියල් 20,000 මුදලක් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුගෙන් ඉල්ලා තිබේ.
එම අල්ලස් මුදල ලබානොදුනහොත් පැමිණිලිකරුට යම් වරදක් සම්බන්ධයෙන් නඩු පවරා සිරගත කරන බවට ඔහු පැමිණිකරුට තර්ජනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, පැමිණිකරුගේ නිවසේදි අල්ලස් මුදල ලබාගත් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart