October 28, 2024

කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවකගේ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ තවත් භික්ෂුවක් සොයා කහවත්ත පොලිසිය විමර්ශ ආරම්භ කර තිබේ.

එම විහාරස්ථානයේ අල්මාරියක් තුළ තිබූ රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක්, රිදී හවඩියක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් මෙලෙස අදාළ භික්ෂුව සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සොරාගත් භාණ්ඩවල වටිනාකම ලක්ෂ තිහකට අධික බව පොලිසිය අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%