March 4, 2025

පාතාල කල්ලි නායකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට සම්බන්ධ අතුරුදහන් වූ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ලබාදෙන තොරතුරක් සඳහා ප්‍රකාශයට පත්කරන ලද ත්‍යාගය ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩිකර ඇත.

ඒ අනුව, පොලිසිය දැන් එම මුදල පෙර සඳහන් කළ රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 1.2 දක්වා වැඩිකර ඇත.

මීගමුව, කටුවැල්ලේගම පදිංචි 25 හැවිරිදි ඉෂාර සෙව්වන්දි ලෙස හඳුනාගෙන ඇති සැකකාරිය, පෙබරවාරි මාසයේ දී කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළ ගණේමුල්ල සංජීව ඝාතනය කළ තුවක්කුකරුට උදව් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර, ඇය සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සෙව්වන්දිගේ බාල සහෝදරයා සහ මව ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය පොලිසිය සහතික කර ඇති අතර, තොරතුරු ඇති ඕනෑම අයෙකු 071-8591727 හෝ 071-8591735 ක්ෂණික දුරකථන අංක හරහා ඔවුන් හා සම්බන්ධ වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.