Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාතේ ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකු මාරුකිරීමට කරන ලද ඉල්ලීමට අදාළව ජාතික පොලිස් කොමිසම ඉල්ලා සිටි හේතු පැහැදිලි කිරීම මේ වන ලබා දී ඇති බවත් අවශ්‍ය නම් තවදුරටත් පැහැදිලි කිරීම් ලබාදෙන බවත් පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග සඳහන් කර ඇත්තේ අදාළ එක් එක් මාරුවීම සඳහා හේතු පැහැදිලි කරනු ලැබූ බවයි.
මෙලෙස ස්ථාන මාරු සිදුකිරීම සඳහා ඉල්ලීම් කර තිබුණේ කොළඹ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 17 දෙනකු සම්බන්ධයෙනි.
වාර්තාවල සඳහන්ව ඇත්තේ, මෙම මාරු සිදුකිරීමට හේතුව විෂමාචාර පිළිබඳ බුද්ධි වාර්තා බවයි.
කෙසේවෙතත්,ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් හෝ අපරාධ නඩු කටයුතු සිදුකර නොමැත.
අවශ්‍ය ඕනෑම පැහැදිලි කිරීමක් ලබා දීමට කටයුතු කරන අතර අවසානයේ පොලිස් කොමිසමේ තීරණයට ගරු කරන බවමනතුංග ප්‍රකාශ කරයි.
ස්ථාන මාරු සිදු කිරීමට නියමිත ස්ථානාධිපතිවරුන් 17 දෙනා වෙනුවට පත් කිරීමට නියමිත අය පහළ තරාතිරමක අය බවත්, ඔවුන් පොලිස් ස්ථානාධිපතිවරුන් වීමට සුදුසුකම් නොමැති බවට ජාතික පොලිස් කොමිසම නිරීක්ෂණය කර ඇති බවත් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart