Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යන දෙදෙනාම නොමැති අවස්ථාවක ජාතික පොලිස් කොමිසම නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ.
ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක පවසා ඇත්තේ කොමිසමට පොලිසියේ පත්කිරීමක් කළ හැක්කේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පමණක් බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය ජූලි 24 වැනිදා අතුරු තහනමක් නිකුත් කිරීමත් සමග පොලිස් කොමිසම මෙම ගැටලුවට මුහුණ දී සිටින බව දැනගන්නට තිබේ.
ඊට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විනය පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලැබෙන තෙක්, පොලිසියේ පරිපාලනයට වගකිව යුතු දෙවැනියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජූලි 18 වැනිදා අනිවාර්ය නිවාඩු යවා තිබීමයි.
නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවා තිබීම නිසා පරිපාලනය සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා වහාම නිර්දේශයක් එවන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව පොලිස් කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත.
කෙසේවෙතත්, පොලිස්පතිවරයා මෙම නිර්දේශය ලබා දී නොතිබී ඇත.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා කොමිසම විසින් පත්වීම් කළ හැක්කේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පමණි.
තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමත්, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොමැතිවීමත් සමඟ පවතින තත්ත්වය හමුවේ පොලිස්පතිගේ නිර්දේශයකින් තොරව පරිපාලන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට ජාතික පොලිස් කොමිසමට බලයක් තිබේද යන්න පිළිබඳ අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා,” යැයි සභාපතිවරයා පවසා ඇත.
කොමිසම, පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වගකියන බැවින් නිකරුණේ සිටීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර පොලිස්පතිවරයකු නොමැතිකම හේතුවෙන් ඇතැම් පොලිස් මෙහෙයුම් ඇණහිට ඇති බවද වාර්තා වේ.
ප්‍රසම්පාදනය, නඩත්තුව, ජාතික පොලිස් කොමිෂන් සභාව සමඟ සම්බන්ධීකරණය සහ අනෙකුත් පරිපාලන කටයුතු ප්‍රමාද වීම ඊට ඇතුළත් බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart