
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘GovPay’ යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට මාර්ගගත ක්‍ෂණික ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මාර්ග නීති කඩකරන්නන් සඳහා චෝදනා පත්‍ර එකකට වඩා නිකුත් කිරීමට පොලිසියට හැකිවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ පොලි සියේ ඉල්ලීමකට අනුව මෙම නව ක්‍රමය හඳුන්වා දී ඇති බවයි.
මෙම නව ක්‍රමය මඟින් චෝදනා පත්‍ර ලැබෙන පුද්ගලයන්ට යොමු අංකය ඇතුළත් කිරීමෙන් ක්ෂණිකව දඩ මුදල් ගෙවීමට හැකියාව ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.
සියලුම පොලිස් ස්ථානවල ජංගම දුරකථන පද්ධතියක් සම්බන්ධ කර ඇති බැවින් අදාළ චෝදනා පත්‍රය නිකුත් කරන පොලිස් නිලධාරීන්ට එම පණිවිඩය ලැබෙන බවත්, එමඟින් රියදුරු බලපත්‍රය ආපසු ලබාදීමට අදාළ නිලධාරියාට හැකියාව ලැබෙන බවත් ඔහු පෙන්වාදෙයි.
රියැදුරන් විසින් කරන ලද රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලද චෝදනා පත්‍ර තැපැල් කාර්යාල වෙත ගෙන ගොස් ගෙවීම් සිදුකර රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අදාළ ගෙවීම් රිසිට්පත් පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීම වත්මන් ක්‍රියා පටිපාටියයි.
එහෙත් හර්ෂ පුරසිංහ සඳහන් කළේ, නව ක්‍රමය මඟින් වැරදි කිහිපයක් සඳහා ක්ෂණිකව දඩ මුදල් ගෙවීමට අවස්ථාව සැලසෙන බැවින්, රියදුරෙකු එක් වරදකට වඩා වැඩි වැරදි සංඛ්‍යාවක් සිදු කළහොත්, අතිරේක චෝදනා පත්‍ර නිකුත් කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව පවතින බවයි.
අද (අප්‍රේල් 11) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ‘GovPay’ යෙදුම හරහා මාර්ගගතව රථවාහන වැරදි සඳහා නිකුත් කරන දඩ මුදල් ක්ෂණිකව ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව අද සිට 2025 අප්‍රේල් 30 දක්වා මෙම නියමු ව්‍යාපෘතිය කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම සහ අනුරධපුරය යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.
නියමු ව්‍යාපෘතියේ දී ඇති වූ අපහසුතා සහ අඩුපාඩු හඳුනාගෙන එම ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart