Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය ආසන්නයේ වනගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු අලෙවිසැලකට පෙරේදා (31) සවස පැමිණ අඹ මිලදී ගැනීමට යෑමේදී ඇතිවූ බව කියන බහින්බස්වීමකින් පසු එම පළතුරු වෙළෙඳසලේ අයිතිකාරියට අඹ ගෙඩිවලින් සහ පළතුරු මිල දර්ශකය සහිත බෝඩ් එකෙන් පහර දුන්නේ යැයි කියන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පහර කෑමට ලක් වූ පළතුරු වෙළඳ සැලේ අයිතිකාරිය වූ 21 හැවිරිදි තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාලාව ග්‍රාමීය රෝහලට ඇතුළත් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු උසස් පොලිස් නිලධාරියෙකු අඹ මිලදී ගැනීම සඳහා අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ පිහිටි මෙම පළතුරු වෙළඳසැලට පෙරේදා සවස පැමිණ ඇත.
මෙම උසස් පොලිස් නිලධාරියා අඹ මිලදී ගැනීමට යෑමේදී එම පළතුරු වෙළඳසැලේ අයිතිකාරිය වූ තරුණිය සමග බහින් බස්වීමක් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි.
බහින්බස්වීම සිදුවන අතරවාරයේ මෙම උසස් පොලිස් නිලධාරියා විකිණීමට තිබූ අඹ ගෙඩි අතට ගෙන ඒවායින්ද මිල දර්ශකය ප්‍රදර්ශනය කර තිබූ බෝඩ් එකෙන්ද පළතුරු වෙළඳසැලේ අයිතිකාරියට පහරදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අඹ මිල ගණන් වැඩි යැයි කියමින් මෙම බහින්බස්වීම සිදු වී ඇති බව ද පැවසේ.
පහරකෑමට ලක් වූ පළතුරු වෙළඳසලේ අයිතිකාර තරුණිය මේ බව හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart