September 18, 2024

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට තර්ජනය කර රුපියල් ලක්ෂ 14ක කප්පම් ගත් බව කියන පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර බ්ලූමැන්ඩල් පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු සහ සැරයන්වරයකු මෙන්ම උතුරු කොළඹ බුද්ධි අංශයේ නිලධාරියකු ද වන බව පැවැසේ.