
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අළුත්ගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ අප්‍රේල් 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ.
පොලිසිය පැවසුවේ හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු අදාළ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට යැයි පවසා ඔහුගේ නිල කාමරය වෙත රැගෙන ගොස් ඇති බවයි.
සැකකරු පිටතට ගෙන පැය දෙකහමාරකට වැඩි කාලයක් ගතවීමෙන් අනතුරුව එම ප්‍රමාදය සම්බන්ධයෙන් ස්ථාන භාර නිලධාරියා විසින් පරීක්ෂා කර තිබේ.
එම අවස්ථාවේදී ඔහු දැක ඇත්තේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු සැකකරු සමග මත්පැන් පානය කරමින් සිටින ආකාරයයි.
එම අවස්ථාවේදී ස්ථානභාර නිලධාරියා විසින් සැකකරු සිර මැදිරිය වෙත රැගෙන යෑමට උත්සහ කළ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා එක්ව ස්ථානභාර නිලධාරියාට බැන තර්ජනය කර පහර දී තිබේ.
මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගෙන ඇති අතර, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිට ඇතැයි සඳහන් කර තිබේ.
ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ ඉන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart