June 1, 2024

ISIS සංවිධානයට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන සහ ඔවුන්ට සහාය වූ බවට සැකකෙරෙන ඔස්මන් පුෂ්පරාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් කොළඹදී ඔස්මන් පුෂ්පරාජ් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම පුද්ගලයා පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියමින් ISIS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් ඉන්දියාවේදී පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

42.31%
17.27%
32.76%