42.31%
17.27%
32.76%
September 24, 2024

තම 15 හැවිරිදි දියණිය දූෂණය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ සැකකරන බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

දැරිය දූෂණය කළ පුද්ගලයා වාහල්කඩ පොලිසිය විසින් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

32 හැවිරිදි සැකකරු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ දැරිය දූෂණය කිරීමට දෙමාපියන් සැකකරුට ඉඩ දී ඇති අතර ඇය ගැබ්ගැනීම නොසළකා හැර ඇති බවත්, ඇය මාස හයක ගැබිණියක්ව සිටියදී පාසල් ගොස් ඇති බවත්ය.

වාහල්කඩ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

සැකකරු ඉදිරිපත් කළ වාහල්කඩ පොලිසියේ සැරයන් දිසානායක අධිකරණයට දන්වා සිටියේ, අපරාධයට අනුබල දීම සහ එය වසන්කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා වන පොලිස් නිලධාරියකු සහ ඇයගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

දැරිය පරීක්‍ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දැරිය මාස හයක ගැබිනියක් බව තහවුරු කළ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබේ.

42.31%
17.27%
32.76%