August 6, 2023

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැදිකරු හා පසුපැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා තිබෙන බව මොරගහහේන පොලීසිය පවසයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටියදී තලගලදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන මොරගහහේන පොලිසිය විසින් සිදුකරන බව වැඩිදුරටත් පොලිසිය අනාවරණය කරයි.