Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම්වලට මුවා වී, ලබා දී ඇති බලය අවභාවිත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව උසස් පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මෙම අදහස් පළ කළේ සමන්ප්‍රිය හේරත් සහ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාසල් සිසුන් ඇතුළු අහිංසක ජනතාව යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවට කරන ඇතැම් චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
ඇතැම් අවස්ථාවලදී සුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇතැම් නීති යටතේ අසාධාරණ ලෙස චෝදනා එල්ල වන බවද ඔවුන් පසුගියදා සඳහන් කර තිබිණි.
මේ පසුබිම තුළ නියෝජ්‍ය පොලිස්පති තල්දූව ප්‍රකාශ කර ඇත්තේ එවැනි කරුණු සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළ බැවින් ඒ පිළිබඳව සොයා බලන බවයි.
දැනට ක්‍රියාත්මක වන මෙහෙයුමට මුවා වී බලය අයුතු ලෙස භාවිත නොකරන ලෙසට සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්, ඒ සඳහා දෙපාර්තමේන්තුව පැහැදිලිවම කැපවී සිටින බවත් ඔහු පැප්‍රකාශ කර තිබේ.
හේරත් මන්ත්‍රීවරයා විසින් මතුකළ නාරම්මල ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති තල්දූව සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයාට අධිකරණයෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ නිසා පොලිස් නිලධාරීන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත්ය.
මෙවැනි අකටයුතුකම් නිතර සිදු වූයේ නම් පොලිසියට මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙන නමුත් එසේ නොවූ බවද ඔහු සඳහන් කර තිබේ.
එවැනි සිදුවීමක් වාර්තා වූ විට එම නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් ඔහු සඳහන් කරයි.
අධිකරණය හා සම්බන්ධ නීතිමය ක්‍රියාපටිපාටිය අනුව පොලිසිය කටයුතු කරන බවත් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්වලට ඉඩක් නොමැති බවත් ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර බොහෝ දිස්ත්‍රික්කවල මෙවැනි සිදුවීම් වාර්තා වන බවත්, නීතිය ක්‍රියාත්මක කරනවා යැයි කියමින් නීතිය අතට ගැනීම වැරදි බව දොලවත්ත මන්ත්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ඇතැම් ආයතනවල විවේචන ද ඉස්මතු කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart