February 19, 2024

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු සන්ධානයක් යටතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිස තීරණය කර ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) රැස්වුණු අවස්ථාවේ බහුතර මන්ත්‍රී පිරිසක් මෙලෙස වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා සඳහන් කරයි.

මෙම තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින්, ඉදිරියේදී කුමන ආකාරයේ සන්ධානයක් ගොඩනගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද මෙම රැස්වීමේදී මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි වාර්තා වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%