Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ වැඩෙන චෝදනා මධ්‍යයේ, ඔහු සමඟ ඇති සියලු කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනය දිස්ත්‍රික් සංවිධායක ගීතනාත් කාසිලිංගම් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
පසුගියදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහුගේ ප්‍රචාරක කටයුතු අතරතුර ‘ආචාර්ය’ යන නාමය භාවිත කරමින් අශෝක රන්වල ඔහුගේ සුදුසුකම් වැරදි ලෙස නිරූපණය කළ බවට කෙරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කාසිලිංගම් නිවේදනයක් නිකුත්කරමින් කනස්සල්ල පළකර ඇත.
කථානායකවරයාට ආචාර්ය උපාධියක් නොමැති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ අවංකභාවය සහ වගවීම පිළිබඳ ප්‍රශ්න මතු වී තිබේ.
“තමන්ගේ සුදුසුකම් වැරදි ලෙස ඉදිරිපත් කළ හැකි කථානායකවරයෙකු ශ්‍රී ලංකාවට සිටීම පිළිගත නොහැකිය. මෙම පෙනෙන රැවටීම සඳහා මහජනතාව පැහැදිලි කිරීමක් ලැබිය යුතුය.” යැයි කාසිලිංගම් පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කැසිලිංගම් ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඔහු විනිවිදභාවයේ වැදගත්කම අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart