Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරිඳිවැල, දෙකටන මාර්ගයේ මාහේන හන්දියේ ඉදිකර තිබූ පොසොන් තොරණේ කවි ගායනා කළ කවියා පෙරේදා (27) රාත්‍රියේ එහි මයික්‍රෆෝනය අතට ගත් අවස්ථාවේදී විදුලිය සැර වැදී මියගොස් ඇතැයි පූගොඩ පොලිසිය සදහන් කරයි.
මයික්‍රෆෝනයට සම්බන්ධ කර තිබූ වයරය දිගේ ගලා ආ විදුලිසැර වැදී ඔහු මියගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පූගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මියගොස් ඇත්තේ හේනේගම, ගැටමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි නලින් නලින්ද සම්පත් බාලසූරිය නමැති තිස්නව හැවිරිදි අයෙකි.
පොසොන් පොහොය වෙනුවෙන් ඉදිකෙරුණු මෙම තොරණේ අවසන් දිනය පෙරේදා රාත්‍රියට යෙදී තිබූ අතර, එදින රාත්‍රියේ ගරායක් නැටුමක් සංවිධානය කර, ඒ සඳහා හේනේගම ප්‍රදේශයෙන් යකදුරන් සහ නැට්ටුවන්ද කැඳවා තිබී ඇතැයි පොලිසිය පවසයි.
ගරායක් නැටුම් ශාන්තිකර්මයේ කවි ගායනා කිරීමට බාලසූරිය මයික්‍රෆෝනය අතට ගන්නවාත් සමඟම එයින් කාන්දු වූ විදුලිය සැර වැදීමෙන් එම ස්ථානයේම ඇදවැටී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
විදුලිය විසන්ධි කර බාලසූරිය කවියා රදාවාන රෝහලට රැගෙන ගොස් ඇති නමුත් වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇත.
මියගිය කවියාගේ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය රඳාවාන රෝහලේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
පුගොඩ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart