42.31%
17.27%
32.76%
September 14, 2023

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට යන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තැනෙන පොදු සන්ධානයක සිය බලය පිහිටුවා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

අදාළ සන්ධානයේ ගාමක බලවේගයක් බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් කටයුතු කරමින් සිටින අතර එහි ඉදිරි පියවරක් ලෙස ජනාධිපතිවරයාගේ හිතවාදීයෙකු ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක ඉදිරියේ දී එම පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත්වීමට නියමිත බව පැවසේ.

මේ අතර පොදුජන පෙරමුණු සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබද තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර ඒ පිළිබද එම පෙරමුණ සහ ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමගත් පැවත්වූ සාකච්ඡාවලදී අවසන් එකගතාවයකට පැමිණ නොමැත.

මෙහිදී පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කරමින් ඇති අතර ඇතැම් පාර්ශව රනිල් වික්‍රමසිංහට සහය දිය යුතු බව සදහන් කර ඇත.

කෙසේවෙතත්, එම පිරිසෙන් බහුතරය සදහන් කර ඇත්තේ රනිල් ජනාධිපතිකරන සන්ධානයේ ප්‍රධානත්වය තමන් විසින් ගතයුතු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහි ප්‍රමුඛයෙකුවීමට ඉඩ නොදිය යුතු බවයි.

42.31%
17.27%
32.76%