November 9, 2024

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැසී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයා සතුව තිබූ ජංගම දුරකතනයක් සහ ඊට අදාළ උපාංග කිහිපයක් සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ හදිසි වැටළීමකදී මෙම ජංගම දුරකතනය සහ උපාංග සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පොඩි ලැසී රඳවා ඇති සිරමැදිරිය වෙත පැමිණෙද්දී මෙම දුරකථනය ඔහු විසින් කවුළුවෙන් පිටතට විසිකර ඇති බව පැවැසේ.

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු යැයි ප්‍රකාශිත පාතාල නායකයන් භාවිත කරන ජංගම දුරකථන සහ උපාංග නිරන්තරයෙන් හසුවන නමුත් ඒවා ඔවුන්ට ලබාදෙන කිසිවකුත් හසුකර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නැත.

42.31%
17.27%
32.76%