July 26, 2024

ජනාධිපතිවරයාගේ තීරණ, ක්‍රියාකාරකම් සහ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කිරීමේ නිල ද්වාරය වන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් මැතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රසිද්ධ ප්‍රචාරක කටයුතු ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කර රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීමක් බව කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වාදෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලබන සෙනසුරාදා (27) ගාල්ලේ පැවැත්වෙන දේශපාලන ප්‍රචාරක ජන රැලියක් පිළිබඳව මාධ්‍ය වෙතින් ආවරණයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) ප්‍රකාශ කරයි.

‘එක්වා ජයගමු – අපි ගාල්ලේ’ යන තේමාව යටතේ ජුලි 27 සෙනසුරාදා සවස 3.00 ට ගාල්ල නගර සභා පිටියේ පැවැත්වෙන ජනහමුවක් සඳහා PMD විසින් ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳව දේශීය ජනමාධ්‍ය වෙත දැනුම් දීම සඳහා නම්කරන ලද WhatsApp දැනුම්දීම් කණ්ඩායම් ජාලය හරහා ඊයේ ආවරණය ඉල්ලා තිබිණි.

ඊයේ පස්වරුවේ PMD විසින් එවන ලද නිවේදනයක් මගින් සෙනසුරාදා පස්වරු 2.00 ට එම ස්ථානයට පැමිණෙන ලෙස ජනමාධ්‍ය කණ්ඩායම්වලට දන්වා තිබූ අතර ඊයේ සවස 6.00 ට පෙර ජනමාධ්‍යවේදීන්ගේ සහ ජනමාධ්‍ය කණ්ඩායම්වල නම් සහ ජාතික හැඳුනුම්පත් අංක ලබාදෙන ලෙස දන්වා තිබිණි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පැෆරල් රෝහණ හෙට්ටිආරච්චි ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, එම ජන රැළියට ජනමාධ්‍ය ආවරණයක් ඉල්ලා සිටීම රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධ වරදක් බවයි.

“PMD යනු ජනාධිපතිවරයාගේ දෛනික නිල යාවත්කාලීන කිරීම් සහ ප්‍රවෘත්ති පිළිබඳව ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් මාධ්‍ය දැනුවත් කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් වන අතර මැතිවරණයක් ආසන්නයේ එයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හෝ ඔහුගේ පක්ෂය තරඟ වදින කිසිදු මැතිවරණ ව්‍යාපාරයකට ප්‍රචාරයක් හෝ ආවරණයක් ලබා දිය නොහැකියි.

‘එක්ව ජයගමු – අපි ගම්පහ ජන රැළිය’ යන තේමාව යටතේ පසුගිය ඉරිදා ගම්පහදී පැවැත්වුණු පළමු ජනරැළිය නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිත ජන රැලි මාලාවේ දෙවැන්න මෙය බව පෙනෙනවා. අපි මෙම සිද්ධිය තවදුරටත් නිරීක්ෂණය කර එම පැමිණිල්ල මැතිවරණ කොමිසමට වාර්තා කිරීමට කටයුතු කර තිබෙනවා,” යැයි රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ඩේලි මිරර්ක කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, ජනාධිපති, අගමැති හෝ අමාත්‍යවරුන් මැතිවරණයකදී රාජ්‍ය ආයතනවලට අනුබද්ධ මාධ්‍ය ඒකක හෝ අංශ, තම ප්‍රධානීන්ට පෞද්ගලික ප්‍රචාරයක් ලබාදීමට හෝ ඉල්ලීමට තම සම්පත් භාවිත නොකළ යුතු අතර එය වරදක් බවයි.

“1982 අංක 12 දරන පොදු දේපළ පනතට එරෙහි වරද යටතේ පොදු දේපළ අයථා පරිහරණය හෝ පෞද්ගලික පරිහරණය අපරාධ වරදක් ලෙස තහවුරු කර ඇත. අපි මෙම පැමිණිල්ල පිළිබඳව සොයාබලා අදාළ ක්‍රියාමාර්ග ගන්නවාක්,” යැයි සමන් රත්නායක පවසා ඇත.

42.31%
17.27%
32.76%