January 10, 2024

Vibrant Gujarat Global Summit සමුළුවට සහභාගී වීම සදහා අහමදාබාද් නුවරට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Mohamed bin Zayed Al Nahyan) ඉන්දියානු ඇගමැති නරේන්ද්‍ර මෝදි විසින් පිලිගන්නා ලදී.

ඒ අනුව, ගුජරාට් මහ ඇමැති භූපේන්ද්‍රභායි පටෙල්, විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා ඇතුළු නිලධාරීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

2003 වර්ෂයේදී Vibrant Gujarat Global Summit සමුළුව අගමැති මොදිගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද්දේ ඔහු ප්‍රාන්ත මහා ඇමැතිවරයා ලෙස සිටියදීය.

මෙම වසරේදී සමුළුව සදහා රටවල් 34ක් සහ සංවිධාන 16ක් සම්බන්ධ වේ.

තාක්ෂණික, නවෝත්පාදනය, තිරසාර නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්තිය යන මාතෘකා පිළිබදව මෙම සමුළුවේදී අවධානය යොමු කරනු ලබයි.