Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට දිනකට ලිපි 1000ක් පමණ ලැබෙන බවත් ඉන් 900ක ග්‍රාමීය මට්ටමින් විසඳිය හැකි ගැටලු තිබෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා සහ නගර සභා නිසි ලෙස ස්ථාපිත කළහොත් මෙවැනි ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බවයි.
ඒ ඔස්සේ තනි දැක්මකින් ඉහළ සිට පහළට යා හැකි ව්‍යුහයක් නිර්මාණය කළ හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.
“අපි දැන් පටන් ගත්තා විතරයි, මාව විශ්වාස කරන්න, මට දිනකට ලිපි 1,000 ක් පමණ ලැබෙනවා. ඒ ලියුම් 1000න් 900ක්ම ගමේම විසඳගන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒවා විසඳිලා නැති නිසා අපි ළඟට එනවා. දැන්, මම ඒ සඳහා කාලය ගත කරන විට, මම කළ යුතු දේ කරන්න මට අවස්ථාවක් නැහැ”
”මම එම කටයුතු වෙත අවධානය දුන්නොත් එයින් අදහස් වන්නේ තවත් නොවිසඳුණු ප්‍රශ්න සිය ගණනක් තිබෙන බවයි.” ඇය පැවසුවාය.
ප්‍රාදේශීය සභා සහ නගර සභා නිසි පරිදි ස්ථාපිත කළහොත් එම ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
“ඉතින් මෙය අතිශයින් වැදගත්. එවිට අපට එකම දැක්මකින් ඉහළ සිට පහළට යා හැකි ව්‍යුහයක් නිර්මාණය කළ හැකියි. ඉතින් මේ සියලු කාරණා නිසා මැයි 6 වැනිදා පැවැත්වෙන මේ මැතිවරණය අතිශයින් වැදගත්. මෙය විශාල පරිවර්තනයක්. ඔබ අපෙන් බලාපොරොත්තු වූ මෙම පරිවර්තනය කෙතරම් සංකීර්ණද? මම හිතන්නේ අපිට දැන් තේරෙනවා. අපි හැමෝම කොච්චර දේවල් කරන්න ඕනෙද, කොච්චර වෙනස් වෙන්න ඕනෙද කියලා. අපි මේ ගමන යනවා.” ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart