November 11, 2023

2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති බව යෞවන හා ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක පැවැසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වැය වෙතැයි විශ්වාස කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ජනාධිපති ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන වේගය සහ පාරිසරික බලපෑම් ඇගැයීම එහි අන්තර්ගත බව රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතනවල අනුමැතිය ලබාගෙන 2024 මුල් කාර්තුවේදී ව්‍යාපෘතිය ආරම්භ කරන බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%