Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුඩා ගුවන් යානයක් අමෙරිකාවේ දකුණු ටෙක්සාස් අධිවේගී මාර්ගයකට කඩාවැටීමෙන් මෝටර් රථ තුනක ගැටී තිබේ.
අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
කඩාවැටීමෙන් පසු, ද්විත්ව එන්ජින් ප්‍රොපෙලර් යානය දෙකට කැඩී ගිය අතර, කාර්යබහුල මාර්ගය පුරා සුන්බුන් විසිරී ඇති බව බලධාරීහු පවසති.
දකුණු ටෙක්සාස් හි වික්ටෝරියා නගරයේ රාජ්‍ය අධිවේගී මාර්ග 463 වෙත බදාදා සවස 3 ට පමණ මෙම යානය කඩාවැටී ඇති බව NBC හි වාර්තාවක දැක්වේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වේ.
බරපතල තුවාල ලබා ඇති අයෙක් වෙනත් රෝහලකට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
අනතුරට පෙර මොහොත සහ ඉන් පසුව සිදු වූ විනාශය මාර්ගයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් කැමරාවට හසු කර ගෙන ඇත.
සමාජ මාධ්‍යවල හුවමාරු වන දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානය මාර්ගයට ගොඩබෑමට පෙර ඉතා පහතින් පියාසර කරන ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart