Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිරුපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ දේපළ වත්කම් අනුව එම මුදල් ඇයට ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීම සඳහා ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සටහන් වූ දුරකථන අංක පවා විමර්ශනයට ලක්කරගෙන යන බව නීතිවිරෝධී වත්කම් දේපළ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
මෙම තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඇය සමග දුරකථන වලින් කතාබස් කළ පුද්ගලයන් පනස්දෙනකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වෙන බවද පොලිසිය කියයි.
දැනට ගණන් බලා යන ආකාරයට මෙතෙක් තිබූ වත්කම් ප්‍රමාණයට වඩා තවත් වැඩි ප්‍රමාණයක් ඇයට තිබෙන බව විමර්ශන මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා ඇත.
පියුමි හංසමාලි විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවටය.
ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
තවද පියුමි හංසමාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart