August 27, 2024

ධීවර රාජ්‍ය ඇමැතිවරයා යටතේ ගැසට් කර තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ඉවත් වී තිබේ.

ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් සහ ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාකිරීමේදී බාධා එල්ලවීම නිසා මෙම පියවර ගත් බව ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ඒ අනුව ධීවර රාජ්‍ය ඇමැතිවරයා යටතේ තිබූ ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතනවල වගකීම්වලින් ඉවත්වූ බව පියල් නිශාන්ත සඳහන් කරයි.

තමා ඉහත ආයතන හතරේ වගකීම්වලින් ඉවත් වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ධීවර අමාත්‍යාංශයේ සෙසු වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලබාදෙන බව පියල් නිශාන්ත සඳහන් කරයි