October 28, 2024

ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කළින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය ‘අප්‍රිකානු ඌරු රෝගය’ ලෙස හඳුනාගෙන ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි මුලින් වල් ඌරන්ට වැළඳුණු මෙම රෝගය මේ වන විට ගොවිපළවල සිටින ඌරන් දක්වාද පැතිරීමට පටන් ගෙන තිබේ.

කෙසේවෙතත් වසංගතය පාලනය කිරීමට පියවර ගනිමින් සිටී.

මෙම තත්ත්වය හමුවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ඌරන් ප්‍රවාහනය අත්හිටුවා ඇත.

එම දෙපාර්තමේන්තුව මීට පෙර ඌරන් ප්‍රවාහනය සඳහා පශු වෛද්‍ය සහතිකයක් අනිවාර්ය කර තිබිණි.

42.31%
17.27%
32.76%