December 21, 2023

ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එළැඹීම හේතුවෙන් දූපත නැරඹීමට බෝට්ටු මගින් යන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට මුහුදේ පවතින රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි මස අවසන් සතිය වන තෙක් පැවතිය හැකි බවත්, ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක පැවැතියහොත් දුපත නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදිය හැකිවුවත්, ඒ පිළිබඳව පූර්ව නිගමනයන්ට පැමිණිය නොහැකි බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරත් සඳහන් කර ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%