
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට බ්‍රිතාන්‍ය රජය විසින් මෑතකදී පැනවූ සම්බාධක අසාධාරණ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඉකුත් දා පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ෆොන්සේකා කියාසිටියේ දේශීය සහ අන්තර්ජාතික නීති කඩ කළ බවට ඔප්පු වන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව තමා විශ්වාස කරන බවයි.
“මීට පෙරත් අපි හමුදා නිලධාරීන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගත් අවස්ථා තිබෙනවා. තම නිල ඇඳුමේ බලය අනිසි ලෙස භාවිත කර නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි,” ඔහු පැවැසීය.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් පනවා ඇති සම්බාධක පිළිබඳව අදහස් දක්වමින් සරත් ෆොන්සේකා කියාසිටියේ, ශ්‍රී ලංකාවේ යුද මෙහෙයුම්වලදී මානව හිමිකම් ඇතුළු කිසිදු නීතියක් උල්ලංඝණය නොවූ බවයි.
“ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඉදිරියෙන්ම සිටියා. යුද්ධය තුළ කිසිදු මිනීමැරුමක්, මානව හිමිකම් කඩකිරීම්, මරණ හෝ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සිදු නොවූ බව හැමෝම දන්නා කරුණක්. ඒ නිසා ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පනවන ලද සම්බාධක අසාධාරණයි” ඔහු පැවසීය.
කෙසේවෙතත් ඔහු පැවසුවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව පනවා ඇති සම්බාධක සාධාරණ බවයි.
එම නිලධාරීන් යුද්ධයේදී ඉදිරිපෙළ නොසිටි බව ප්‍රකාශ කළ සරත් ෆොන්සේකා පැවසුවේ, ඔවුන් සිය හමුදා බලතල අයුතු ලෙස භාවිත කර ඇති බවට සනාථ කිරීමට තීරණාත්මක සාක්ෂි ඇති බවයි.
“මේ හිටපු හමුදා නිලධාරීන් දෙන්නා ගැන මම පාර්ලිමේන්තුවේදී කතාකරලා තියෙනවා. වැරදි ලෙස පුද්ගලයකුට වෙඩි තැබූ බවට හිටපු හමුදා නිලධාරියකු වූ සුනිල් රත්නායකට චෝදනා එල්ලවෙලා තිබෙනවා. පසුව ඔහුට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව දෙනු ලැබුවේ රණවිරුවන්ගේ ආරක්ෂාව යටතේයි”
”තරුණයන් කිහිපදෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ත්‍රිකුණාමලයේ කඳවුරක රඳවා තැබූ බවට වසන්ත කරන්නාගොඩට චෝදනා එල්ල වී තිබෙනවා. තරුණයන් රඳවා තබාගැනීම ගැන ඔවුන් දැන සිටි බව හිටපු නාවික හමුදාපතිවරයකු පාපොච්චාරණය කර තිබෙනවා”
මේවා බරපතල මිනීමැරුම් සිදුවීම් බව පෙන්වා දුන් සරත් ෆොන්සේකා පැවසුවේ ඒවාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart