Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධනට අපහාසයක් හා මානසික පීඩාවක් ඇතිවන ආකාරයේ දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ මුදාහැරිය බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුනක් හා පරිගණකයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (30) නියම කළාය.
සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් එම භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරිණි.
තමන්ට අපහාස වන ආකාරයේ ලිංගික අපචාරයක් සම්බන්ධ දැන්වීමක් කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදාහැර ඇති බවත්, එවැනි දැන්වීමක් පළකළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ එම නඩුව විභාගයට ගෙන තිබිණි.
මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව්දෙනකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර, එසේ ඇප මත මුදාහැර ඇත්තේ ගල්කිස්ස, ගිනිගත්වෙන, අත්තිඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සහන් ෆොන්සේකා, අරුෂ ලියනගේ, තාරක වික්‍රමසිංහ සහ ධනුෂ්ක නමැති සැකකරුවන් සිව්දෙනෙකි.
මෙම සිද්ධියේ තෙවැනි සැකකරු පවත්වාගෙන ගිය සමාජ මාධ්‍ය ජාලා ගිණුමක් හරහා සෙසු සැකකරුවන් මෙම අපහාසය සිදුකර ඇති බවට කරුණු හෙළිකර ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබිණි.
කවින්ද ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පෙනීසිටි අතර පළමු හා දෙවැනි සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රණවක පෙනීසිටියේය.
එම නඩුව ජූලි මස 31 වැනිදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ නියම කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart