42.31%
17.27%
32.76%
October 1, 2023

ස්ථාපිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරිමින් ඍජුව ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) සකස් කරමින් සිටින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අනාවරණය කර තිබේ.

තුන්වැනි පාර්ශ්ව හරහා ඖෂධ මිලදී ගැනීම්දී දැනට රටින් ඉවතට ගලා යන විදේශ විනිමය සැළකිව යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඇමැති රඹුක්වැල්ල සඳහන් කර ඇත.

එපමණක් නොව, බොහෝ විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ විය හැකි දූෂණ චෝදනා අවම කිරීමට ඉන් අදහස් කරයි.

“අපි ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට උත්සාහ කරමින් සිටිනවා. එම කටයුතු අවසන් වීමට ආසන්නයි. ඊට සමගාමීව අපි පාකිස්ථානය සහ බංග්ලාදේශය සමඟත් සාකච්ඡා කරනවා. බංග්ලාදේශ අගමැතිවරියගෙන් මට ධනාත්මක ප්‍රතිචාරයක් සහ සහයෝගයක් ලැබුණා. ඖෂධ අවශ්‍යතාවයෙන් 80%ක් පමණ ලැබෙන්නේ මෙම රටවලින්. තුන්වන පාර්ශ්වයන් සඳහා වැයකරන විදේශ විනිමය සැළකිව යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට මෙම පියවර උපකාරී වෙනවා” යැයි ඇමැති රඹුක්වැල්ල සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා වසරේ මුල් කාර්තුව සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මාස 11-14 අතර කාලයක් ගතවේ.

හදිසි අවස්ථාවලදී පවා, මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රියාවලියට දින 60-90 අතර කාලයක් අවශ්‍ය වේ.

මේ වන විට ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ වර්ග 277ක හිඟයක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

මෙම ගැටලුවට කඩිනමින් පිළියම් යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයෙන්-රජයට ක්‍රමවේදයක්(government-to-government system) හරහා මෙම ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%