Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ විශාලතම ද්‍රව ස්වභාවික වායු සමාගම වන Petronet LNG Ltd 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවට LNG සැපයීම ආරම්භ කරන බව, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අක්ෂේ කුමාර් සිං ඉන්දියා බලශක්ති සතියට සමගාමීව ජනමාධ්‍යවේදීන් අමතමින් ඊයේ (8) ප්‍රකාශ කර තිබේ.
Petronet ප්‍රධාන විධායක නිලධාරීවරයා එහිදී පවසා ඇත්තේ, සමාගම විසින් දිනකට ගෑස් ටොන් 850ක් ටොන් 17 බැගින් වූ බහාලුම්වලින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ගෑස් ද්‍රව ස්වරූපයෙන් සැපයීම මෙහිදී අපේක්ෂා කෙරේ.
2025 වනවිට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන පාවෙන ගබඩා ප්‍රති වායුකරණ ඒකකයක් කොළඹ දී ආරම්භ කිරීමට Petronet සමාගම සැලසුම් කර ඇති බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
වසරකට LNG ටොන් මිලියන 1.44ක් ආනයනය කරන අතර, එය 2025 සිට 2028 දක්වා එය ටොන් මිලියන 1.2කින් ඉහළ යනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
පසුගිය වසරේ පැවැති උත්සවයකදී, ශ්‍රී ලංකා බලශක්ති ඇමැති කංචන විජේසේකර Petronet සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් LNG මෙරටට නැව්ගත කිරීමට සැලසුම් කර ඇති බව පවසා තිබිණි.
ඒ අනුව, 2030 වර්ෂය වනවිට ස්වභාවික වායූන්හි දැනට පවතින සියයට 6.2ක ප්‍රමාණය සියයට 15ක් දක්වා ඉහල නැංවීම ශ්‍රී ලංකා රජයේ ඉලක්කය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart