October 14, 2023

සේවකයන්ට අතිකාල සේවා සඳහා සීමා පනවා තිබියදී මසකට පැය 200කට වැඩි කාලයක් අතිකාල සේවා කළ බව සටහන් කරමින් දීමනා ලබාගන්නා සේවකයන් රැසක් පිළිබඳව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමින් වාර්තා වේ.

මේ නිසා ගෙවීගිය මාස ගණනාවකදී මෙම ආයතන දෙකෙහි සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමට පමණක් මසකට රුපියල් කෝටි 30කට වැඩි ප්‍රමාණයක් වැයකර ඇති බව අනාවරණය වේ.

පහතින් දැක්වෙන්නේ මුතුරාජවෙල ඉන්ධන ටැංකි අංගනයේ සේවය කරන වැඩ පරීක්ෂකවරුන් පස්දෙනා අතුරින් අයකුගේ වැටුප් පත්‍රිකාවකි.

එම වැටුප් පත්‍රිකාවට අනුව අදාළ වැඩ පරීක්ෂකවරයා 2023 සැප්තැම්බර් මාසයේදී රුපියල් 170,000ක අතිකාල දීමනා ලබගෙන ඇත.

එම ප්‍රමාණය සේවකයාගේ සම්පූර්ණ වැටුපින් සියයට 40කට වැඩි අගයකි.

මෙම ආයතන දෙකෙහි සේවකයන්ට මසකට පැය 75ක කාලයක් සේවය කරමින් අතිකාල දීමනා ලබාගැනීමේ අවස්ථාවද පාලනාධිකාරිය ලබාදී ඇත.

එසේ තිබියදීද, බහුතරයක් සේවකයන් පැය 75 කාලය ඉක්මවා යමින් අසීමිත ලෙස අතිකාල දීමනා ලබාගන්නා බව වාර්තා අනාවරණය කරයි.