Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු යැයි නම්කරන ලෙස ඉල්ලා ඔහුට එරෙහිව ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ලබාගැනීමේ අයැදුම්පතක් අධිකරණයට ගොනුකර තිබේ.
මහාචාර්‍ය උපාලි පන්නිලගේ ජාතික ජන බලයවේගයේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර, ඔහු රජයේ නිලයක් දරමින් සිටියදීම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කර ඇති බව පවසමින් පෙත්සම්කාර ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණයට මෙම අයැදුම්පත ගොනු කර ඇත.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, උපාලි පන්නිලගේ අමාත්‍යවරයා රාජ්‍ය ආයතනයක් වන රුහුණු විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන බවයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි බැඳීමක් ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම තහනම් කර ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරු, උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙකු බව පෙනීයන බවද කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart