Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත තත්ත්වයෙන් මුදාහරිමින් වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබීය.
මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ’ දකුණු දෙසින් පිහිටි ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන බව පෙත්සම්කරු සිය පෙත්සම මඟින් සඳහන් කර තිබේ.
මිලියනයක් පමණ පක්ෂීන් ශීත සෘතුව ගෙවීමට මෙම භූමියට පැමිණෙන බව ද පෙත්සමේ සඳහන් කර ඇත.
මෙම මාර්ගයට කිසියම් බාධාවක් ඇති වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්‍රමණික රටාවට සැළකිව යුතු බාධාවක් ඇති වන බව පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අවධාරණය කරයි.
මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම් දූපත තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා බාහිර කරුණු මත පදනම්ව බවත්, එම ව්‍යාපෘතිය සඳහා එම දූපත තෝරා ගැනීමට වෙනත් විද්‍යාත්මක හෝ වෙනත් සුවිශේෂී හේතුවක් නොමැති බවත්, එම භූමි කලාපය ඉතා සංවේදී පරිසර කලාපයක් බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පවසා ඇත.
අදාළ ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කර තිබේ.
මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වැනිදා සිදු කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart