Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීමාසහිත මිල්කෝ සමාගමේ සේවකයන් සහ වෘත්තීය සමිති විසින් රජය සතු මෙම ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
Cargills Ceylon PLC, National Dairy Development Board India (NDDB) සහ Amul – Gujarat Milk Marketing Federation යන සමාගම්වලින් සමන්විත සම්පූර්ණයෙන්ම පෞද්ගලික හවුල් ව්‍යාපාරයකට මිල්කෝ සමාගම පවරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.
මිල්කෝ සමාගම සහ NLDB හි කළමනාකාරීත්වය වහා භාරදීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉහත කී හවුල් ව්‍යාපාරය අතර ඇති කළමණාකරණ ගිවිසුම, පිළිපැදිය යුතු යැයි කියනු ලබන රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මාර්ගෝපදේශවලට නොගැලපෙන බව පෙත්සම්කරුවෝ අවධාරණය කරති.
සමාගමේ අනාගතය සුරක්ෂිත කිරීම, තම රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සහ වෙළඳ නාමය ආරක්ෂා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද සේවකයන් අධිකරණයෙන් ඉදිරිපත් කර ඇත.
2023 ජූලි 10 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් NLDB ගොවිපළවල් 32 සහ මිල්කෝ කර්මාන්තශාලා, පිහිටුවීමට නියමිත හවුල් ව්‍යාපාර සමාගමට බදුදීමට තීරණය කළ බව සේවකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart