Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 ඔක්තෝම්බර් මාසයේදී රත්නපුර කහංගම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට, ඔහුගේ රියදුරුට සහ පොලිස් සහායකට, කිරිඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට සහ කිරිඇල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉදිරියට ගෙනයෑමට යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් අවසර දෙන ලදී.
2021 වසරේ රත්නපුරයේදී මිෂාර රණසිංහ යන අයට පහරදීමේ සිද්ධියකට අදාළව මෙම පෙත්සම ගොනුකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 (වධහිංසාවෙන් නිදහස, කෲර අමානුෂික අවමන් සහගත සැලකීම හෝ දඬුවම්), 12(1) (නීතියේ සමාන ආරක්ෂාවට ඇති අයිතිය), 13(1) (අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස) , 1ඇතුළු වගන්ති කිහිපයක් යටතේ මෙම පෙත්සම ගොනුකර ඇත.
මීට අමතරව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිස පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ජාතික පොලිස් කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.
එසේම මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මේ වන විට රටේ සිටින ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් 8 දෙනාගෙන් කෙනකු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart