July 24, 2023

2023 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සඳහා 65% පමණ පැවති ජනමතය මේ වනවිට 12 %ක් දක්වා ප්‍රතිශතයකට පහළගොස් ඇති අතර, එවකට 08 %ක් ලෙස පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජන මනාප ප්‍රතිශතය 20% දක්වා වර්ධනය වී ඇත.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින ජනතා ප්‍රසාදය 10% සිට 18% ක් දක්වා වර්ධනය වී ඇත.

සමගි ජන බලවේගය පක්ෂයේ ජනතා ප්‍රසාදය 23%ක ප්‍රතිශතයක් ලෙස පවතී.

උතුර-නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ සදහා 11% ක ජනමත ප්‍රතිශතයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා 08% ක ජන ප්‍රසාදයක් පවතී.

සෙසු දේශපාලන පක්ෂ සහ සන්ධාන සදහා 08% ක පදනමක් පවතී.

සමීක්ෂණයට අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරකම්, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වර්ධනය වීමට හේතු වී ඇත.